Tuesday, February 2, 2010

හින්දු බෞද්ධ සම්බන්ධය බිදිය නොහැකි බැම්මක් - අස්ගිරි මහා නාහිමි


හින්දු බෞද්ධ සහයෝගිතා පෙරමුණ දොරට වඩී

”ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රදේශයේ සිට විජය කුමරු මෙරටට පැමිණීමේ දින සිට මේ දක්වාම ඉන්දියානුසම්මිශ‍්‍රණය මෙරට තුළ දක්නට ලැබෙනවා. ඉංග‍්‍රීසීන් ඉන්දියාවේ සිට වතු කම්කරුවන් මෙරටට ගෙන ඒමෙන් ඒ සම්මිශ‍්‍රණය තවත් ප‍්‍රබලව වැඩි වූවේය. එනිසා ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පුරා හින්දු ආගමික සම්මිශ‍්‍රණයක් මෙරට ජනතාව අතර පවතිනවා. එපමණක්ද නොවේ. සිද්ධාර්ථ ගෞතම කුමරා උත්පත්තිය ලැබුවේ හින්දු පවුලක . උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන තුරු, එනම් මේ ශ්‍රේෂ්ඨ දහමමනුෂ්‍ය සංහතියට හ`දුන්වා දෙනතුරු ජීවත් වූයේ හින්දු

යැයි ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මාහිමියන් ප‍්‍රකාශ කළහ.
උන් වහන්සේ එම ප‍්‍රකාශය කළේ මහනුවර ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා සංවිධානයේ සහ මධ්‍යම පළාත් හින්දු සංගමයේ සංවිධායකත්වයෙන් බිහි වූ හින්දු - බෞද්ධ සහයෝගිතා පෙරමුණ :්‍යසබාම - ඊමාායසිඑ ්පසඑහ ත්‍රදබඑ* දොරට වැඞීමේ මංගල රැුස්වීමේ මූලාසනයේ දෙසුම පවත්වමින්ය. මෙම රැුස්වීම මහනුවර අස්ගිරියේ ශ‍්‍රී පලීපාන චන්දානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශාලාවේදී පැවැත්වින.


”මෙම හින්දු හා බෞද්ධ යන කොටස් දෙකටම අද බලවත් තර්ජනයක් එල්ලවී තිබෙනවා. ඒ අවිධිමත් අන්‍යාගම්කරණයයි. මෙයට එරෙහිව අප දෙගොල්ලම එකට එක් වී කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වී තිබෙනවා. බෞද්ධයන් මෙන්ම හින්¥න්ද අන්‍යාගම්කරණයට ලක් කිරීම උඩරට වතුකරයේ පමණක් නොව උතුරු නැගෙනහිර ඇතුළුව මුළු දිවයින පුරාම ක‍්‍රියාත්මකව පවතිනවා. බුදුරජාණන් වහන්සේ හින්¥න්ගේ පාරම්පරික ඥාතිවරයෙක් මේ ආගම් දෙක අතර පවතින්නේ බොහෝ සමාන තත්වයක්. අනෙක් ආගම් අතර එවැනි සමීප සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා අපි දෙගොල්ලෝ කොටස් දෙකක් නොවේ. එක ජාතියක්. අනෙක් ආගම් අදහන අය සම`ග අපගේ එවැනි සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ ආගම් දෙක රැුක ගැනීමේ අයිතිය අප දෙගොල්ලටම තියෙන බව මතක තබා ගත යුතු යැයි මහානායක මාහිමි පාණන් වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ ශ‍්‍රී විජිතසිරි නායක හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් පවත්වමින් ප‍්‍රකාශ කර සිටියේ, හින්දු ආභාෂය මෙරට ඉතිහාසය පුරා විද්‍යාමාන වන බවයි. සිංහල රාජ්‍යත්වයේ සිට ආගමික, කලා ගෘහ නිර්මාණ සාහිත්‍ය ඇතුළු සෑම අංශයකටම හින්දු ආභාෂය දක්නට ලැබෙන බවත්, මෙය එකිනෙක වෙන් කළ නොහැකි සම්බන්ධයක් බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

රැුස්වීම අමතා පූජ්‍ය වැලිමඩ ධම්ම ගවේෂි හිමියන් සහ ජයග‍්‍රහණය - ශ‍්‍රී ලංකා සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ, එහි සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලිලක්නාත් වීරසිංහ මධ්‍යම පළාත් අමාත්‍ය සරත් ඒකනායක මහනුවර නගරාධිපති එල්.බී. අළුවිහාරේ, යන මහත්වරු ද රම්බඩ චින්මයා මිෂන් හි ප‍්‍රධාන පූජක බ‍්‍රහ්මචාරී ජග්රත් චෛතන්යා පූජක තුමාද කථා කළහ. ස්තුති කථාව මධ්‍යම පළාත් හින්දු සංගමයේ සභාපති ඞී. සිව සුබුනියම් මහතා විසින් පවත්වන ලද අතර මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය ශ‍්‍රව්‍ය ද්‍රශ්‍ය ඉදිරිපත් කිරීමක් කළහ.

Dhamsara

No comments:

Post a Comment

 
search rescue gear This site is listed under Software Directory